බ්ලොග් අවකාසෙ මං ආස කරන බ්ලොග් දෙකකින්ම මගෙ කූඩාරමේ රැයක් 1 පෝස්ට් එකට කමෙන්ටු පළ කරල තිබ්බ. මට හලී තංතෝශයි. සන්තෝශයි. නිපුණි අක්ක කිවුවනෙ මගෙ බ්ලොගියෙ අකුරු පොඩී කියල ඕන් ලොකුවටම දානව. අනිත් අයත් වැරදි පෙන්නන්නල. දණ ගාද්දි ඇවිදින්නට මට අත් දුන්න කියල මට පස්සෙ කාලෙකදි බලන්න. එතකං මේ කඩේ තියෙයිද දන්නෙ නෑ. මොක උනත් ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලියෙ නටාලා.
හරි මෙන්න අපේ කට්ටිමහන කෑම්පින් එකේ හොට්ම සීං කෝං 1. දෙතුන් පොළකින් ඉදගත්තනං.
අපේ දාහකින් හොයා ගන්න බැරි හොද ළමයි ටික පල්ලිත් ගියා මම කලින් පෝස්ට් 1 කිවුවනෙ නොකියවපු අය අර උඩ තියන ලින්ක් කෑල්ලෙන් ගිහින් බලන්නල. අපි රෑ 8ට විතර කිට මරාගෙන පල්ලියට ගිහින් පූජාවට සහභාගී උනා. සහභාගී උනාට මොකද මුන්ගෙ ඇස් යන්නෙම ස්ත්රී පරාණ පැත්තටමයි. මලා ඉතින් ඕවට නෑනෙ. මං පාඩුවෙ පූජාවට මගෙ දෙසවන් නවාගෙන හිටිය.හුටා මම මුන් සෙට් එක එක්ක පල්ලි ආවට මොකද අපේ පැත්තෙ බුවාස්ල දැක්කොත් මං සුන්. මොකද උන් මාව දන්නෙ අම්මගෙ සූටි පැටිය කියල. දන්න කොස්පට්ට ගැට ඔක්කොම ගහල උන්ගෙන් බේරිලා අපේ සෙට් 1ත් අරං පූජාවෙන් පස්සෙ කූඩාරමට පසුබැස්ස.
''යකෝ එළ කෑලි ටිකක් බැහැල හිටිය බං.. ශික් නම්බර් ලියපු කොළ කෑලි ටිකක් තිබ්බෙ නෑනෙ'' අපේ නඩේ ගුරාගෙ ආදර්ශවත් වචන සෙට් 1 තමා ඒ.
''අම්මට සිරි වෙයි. උන්ට කොළ බෙදන්න ගිහින් කන්න උනොත්. දැක්කෙ නැද්ද යකෝ උන් ගාව හිටිය එකාව'' මංතුමා ඇහුවෙ බයකට නෙමේ ඕං.
''හරි හරි බං මොනා කරන්නත් කාල ඉමු.''
''ඔවු බං තව කීයක් දේවල් කරන්න තියනවද?'' සුදුව එදා දවසෙ අහපු මිහිරිම වචනෙ මතක් කලා.
''තව ටිකෙං අමතක වෙනව. ඔය එක එක *ඩු වලට වඩා ඒක සැපයි බං. දෙමු නැති වෙන්න'' තාරකය කිවුව.
කිසිම ගෑණු පරාණයකගෙ දෑඟිලිවලට ලක් නොවිච්ච පිරිමි අත් වලින් ඉවිච්ච අපේ සම්බෝලෙ සහ මහා බත් හැළිය පිඟන් 6කට බෙදිල උණු උණුවෙ දුන් දාපු හැටි මට තාම මතක් වෙනව. සුපිරිම සම්බෝලයක්. ආයෙ එළම කිරි..කළින් පෝස්ට් 1 පොටෝ කෑලි ඇති. බලන්නල. කාල ඉවර වෙලා අපි කූඩාරම ඇතුලට පැක් උනා.
''හුටා යකෝ මේක මාළු දැළක්නෙ.බලපංකො තියන හිල් කද. වැස්සොත් නං බඩු බනිස්'' දනා උගෙ මූසල කට අවදි කලා.
''වහින් නෑ බං. මේ කසුන් අයියෙ අපේ වැඩේට හොදම වෙලාව දැං නේද බං'' ලඟ නමා කිවුව කතාවට උගෙ කටට සත 5 සීනි බෝල රුපියලක දාන්න මට හිතුන.
ඔයාල හිතන්නෙ මොකක් කියලද..ඔව් යකෝ ඔව් ඒව තමා නැතුව නැතුව. ඔන්න ලිස්ට් 1 දානව. වැඩි දෙයක් නෑ. ප්රතිපාදන හම්බුනේ ටිකයිනෙ.
1... ලෙමන් ජින් 01 යි.
2... බියර් රු.100 ටින් 04යි.
3... ලීටර් 1.5 කෝක් 01යි.
4... 250g මුරුක්කු පැකට් 02යි.
5... ටිෆිටිෆ් පැකට් 06යි.
ඔන්න කස්ටිය පටං ගත්ත වැඩේ. ඔන්න පළවෙනි පාර නැමුව. චියර්ස්!!!
''***නො වීදුරු වද්දන්න එපා. එහා කූඩාරමේ උන්න ඇහුනොත් කස්ටියටම රෙදි ඇදං ගමට යන සුම්ම තමා''
අපේ නඩේ ගුරාගෙ පළමු ජාතිය ඇමතීමෙන් කස්ටියම සැරෙන්ඩර් උනා. ඔන්න ආයෙත් නවනවා. මම ලෙමන් ගහපු පළවෙනි පාර. අම්මෝ සැර මතක් වෙද්දිත් බඩ පපුව දනව. සර්ජිකල් ස්ප්රීට් වගේ. අපේ උන් අනුමත වෙන අස්සෙ පොටෝ කෑලි ගත්ත. ගොඩක් ගන්න බෑනෙ. මුන් මගෙ එකත් බිවුවොත්. මං පවුනෙ.
''*කෝ සැන්ඩි ඉවර කරන්න එපා. ලෙමන් අමුවට ගහන්න බෑ.''
ලොක්කට හොදනං මට මොටෝ කියල හිතපු සෙකන්ඩ් චීෆ් නඩේ ගුරාත් කළා පොඩි ජාතිය ඇමතීමක්. අන්තිමට ඔක්කොම ඉවර උනත් ලෙමන් 1 ඉවර උනේ නෑ. අනිත් උන් එකා එකා හැලෙද්දි මංතුමයි, කසුන් අයියයි තනියම බැස්ස ගේමට. අපි දෙන්න නොදැවී දෙහි බෝතලේ ඉවරයක්ම කරල දැම්ම. කතාව දිග වැඩී වගේ. ඊට හපන් අත් දෙක රිදෙනව. තාම හුරු මදිනෙ. කතාවෙ අන්තිම කොටස වෙන දවසක දාන්නං..............
පොටෝ කෑළි ටිකක් පහළ අමුණල ඇති බලලම යන්න..
![]() |
| ලයන් 1ක් සුරතේ හොවාගෙන |
![]() |
| බඩජහරි කමට බෙහෙත් නැත. තව පොටෝ තියනව. අන්තිමටම දාන්නං හොදේ................... |









9 comments:
හපොයි දොදොල්.....
අනේ මම නිසූප අක්ක නෙමෙයි:(....මම නිපුණි සඳරු පූර්ණිමා...මමත් මේ බ්ලොග් එක ලියන්න පටන් අරන් මාස දෙකක්වත් නෑ හරියට......හරියන්නෑ මට නම වෙනස්කරන්නම වෙනව....
මම ඇත්තටම ඔයාට අක්කද? මම 93නේ.....
@අග්නි ධාරා; නම වෙනස් කරල නේද?? වෙච්ච වැරැද්දට සොරි වෙන්න ඕන... මම 95.. අක්ක තමා නේද?
හලි හලි...මල්ල බබෙක් තමයි...ඇති යන්තන් මල්ල බබෙක් හමුබුනා.....
මරු මරු.. අදයි මම මේ පැත්තට ආවේ..
@Dinesh ; ගොඩාක් ටැංකු වේවා මේ පැත්තෙ ආවට....
තව තව ලියන්න... ජය වේවා !!!
@බස්සා:ටැංකූ ටැංකූ
අදමයි මෙහාට ආවෙ.. අමුතු නමක්.. වෙනස් විදියක්.. ශෝක් බ්ලොග් එකක්...
බුදු අම්මෝ.. ෆොටෝටිකට බය හිතෙන්වා.. හිකිස්ස්...
දිගටම ලියන්න ජය වේවා!!!
@හිතුවක්කාරි: අවට ගොඩාක් ටැංකූ අක්කී... දිගටම එන්න
කමෙන්ට් 1ක් දාලම යං නේද? හා හා හොඳ ළමය වගේ දාන්න