බ්ලොග් 1ක් ලියන්න කියල කීපසැරයක්ම පටං ගත්තත් ගොඩාක් හේතු හින්ද නැවැත්තුව.....ආයෙත් හදා ගත්ත බ්ලොග් කෑල්ලක්.. ඇත්ත නමින් ලියද්දි ලියන්න බැරි දේවල් මේ විදිහට ලියන්න ලේසී.ගෙදරත් ශේප්.මාත් ශේප්. අහින්සක විදිහට දොදොල් කඩේ ඕපනින් 1 සෙලීබ්‍රේට් කොරන්න තනියම රෝස්පාං වාටියක් ඉඟුරු ටී 1ක පොඟවං කාල බැස්ස වැඩේට..වැරදි ඇතොත් සමා භාජනයක දමනු මැනවි..ආයුබෝං!!!!!!!!!
හා හා පුරා කියල කියන්න යන කතාවනං ඉතිං නරක ආදර්ශයක්..කමක් නෑනෙ..ඔය ෆොඩි අය මේව කරන්න එපා ඕං...මේ කිවුවට මාත් තව පොඩී...මායි මගෙ අති (ප)ජාත මිතුරු සෙට් 1 නට් වෙන්න ගහපු 1ක් තමා කියන්න යන්නෙ..
මේ සීං කෝං 1 උනේ ගිය අවුරුද්දෙ අගෝස්තු මාසෙ 28 වෙනිද..මෙච්චර මතක ගහගත්ත ෆොටෝ කෑලි වල දිනේ තිබ්බ හින්ද.මේක මං ආගමකට අපහාස කරනව නෙමේ..රෙදි උස්සං එන්නනං එපා මට කොටන්න.ඔයාල දන්නවත් ඇති නොදන්නවත් ඇතිඅගේස්තු මාසෙ කට්ටිමහන පල්ලියෙ මංගල්ලෙ දවස කියල නේද ..දන්නෙ නැත්තං මං කිවුවනෙ...ඔන්න අපේ සෙට් 1ට ඕන උනා කට්ටිමහන මංගල්ලෙට යන්න..මේක මේ උදේ ගියා හවස ආව වගේ නෙමේ..උදේ ගිහින් පහුවදා තමා එන්නෙ..සමහර අය සතියක් විතර කට්ටිමහන පල්ලිය ගාව කූඩාරම් අටෝගෙන ඉන්නව.අපිත් පොඩි ඇඩ්වෙන්චර් 1කට කියල සෙට් උනා ගමනට..කොල්ලො 6ක් මාවිල් ආරු සටනට යන දිගුදුර විහිදුම් බළකායෙ සෙට් 1ක් වගේ බෑක් පැක් එල්ලගෙන බැස්ස පාරට..කොහොමින් කොහොමින් හරි කෙල්ලන්ටත් විහිළු කර කර ගියා කියමුකො....හතර වටේ ඇවිදල කූඩාරම් ගහන්නත් තැනක් අල්ල ගත්ත..
" *කල තියෙන්නෙ කෝ යකෝ ටෙන්ට් ගහන්න ලී කපන්න පිහි'' අපේ නඩේ ගුරා විදිහට හිටිය කසුන් අයිය ඇහුව...
'' අවුලක් නෑ බං කොහෙන් හරි ඉල්ල ගමු....තොපි එකෙක් වරෙන් මාත් එක්ක පිහියක් හොයන්න යන්න"
ඒ අපේ ඇසින්ටන් නඩේ ගුරා තාරක අයිය.මුන් දෙන්න තමා අපේ සෙට් 1 ලොකුම උං.කොහොම හරි අපි සෑහෙන කස්ටක් කාල ගැහුව ටෙන්ට් 1.ටෙන්ට් 1ක් කිවුවට නිකං මොකද්ද වගේ බලන්න කැතේ බෑ.පොටෝ කෑලි පහළ තියනව.පස්සෙ බලන්න.
සෑහෙන කට්ටක් කාල හවස 6 විතර වෙද්දි අපි අටෝ ගත්ත ප්‍රිස්මාකාර මෙවුව 1ක්. ආසාවෙ බෑ..අහල පහළ ඉන්න සමහර ඩයල් ඩයලියො නක්කලේට අපේ සුන්දර නිවස්නය දිහා බලනව කියල අපිට මීටර් උනා. කරන්න දෙයක් නෑ කෝපි බිවුවනං තටමපං කිවුව වගේ,*ක උල් කරං ආවනං ඕන දෙයක් ඉවසන්න එපැයි.
"ලොක්ක මොනාද බං රෑට කන්න උයන්නෙ" කන්න බොන්න කිවුවොත් උඩින්ම එන අපේ සෙට් 1 ලඟ නමා කිවුව..මුට ලඟ නමා කියන්නෙ ඇයි කියල පස්සෙ කියන්නංකෝ.
"තෝ ඉතිං බලං ඉන්නෙ කන්නමනෙ. හිටු සම්බෝලයි බතුයි උයල දෙන්නං තොට. කට *ක වහං හිටු" කසුන් අයිය කිවුව..
"ඔවු බං නිශාන්ත මාමත් හැදුවයිං හැදුවෙ නෑ මූ වගේ එකෙක්" සුදුවත් කට ඇවිස්සුව.
"හරි හරි රණ්ඩු රෑට තියා ගනිල්ල. දැන් ගනිල්ල හාල් ටික ගරාගන්න. කසුන් අයියෙ සම්බෝලෙ ඔයා හදන්න. ඒ මලා වරෙන් අපි දෙන්න මේක ගරමු" තාරක අයිය මාවත් ඇදං බැස්ස වැඩේට.
"ගරයි ආච්චිට. කෝ හාල් ගරන්න භාජනයක්. තියෙන්නෙ මුට්ටියක් විතරනෙ.." හාල් ගරන්න එකක් නෑ කියල මට මතක් උනා.
"අවුලක් නෑ වර යන්න අනිත් කූඩාරමට මොකක් හරි ඉල්ලං එමු" මූ මාවත් ඇදගෙන අසල්වැසියො බලන්න ගියා..
හාල් ගරන්න විතරක් නෙමේ පස්සෙ අපිට හැම මඟුලටම උදවුවට හිටියෙ අසල්වැසි ටෙන්ට් වැසියො තමා..සෝයි අක්කල දෙන්නෙක් හිටිය හින්දද මන්ද අපේ උන් සම්බෝලෙට දාන්න දෙහි ගෙඩියෙ ඉදං බත් කූරු ගාන්න හැන්දයි, ගිනිපෙට්ටියයි අරකයි මේකයි කිය කිය ඒ පැත්තෙම රින්ගුවෙ. කොහොම හරි අපි උයා පිහාගෙන වහල තියල රෑ පූජාවට පල්ලියටත් ගියා. හොදම හරිය පස්සෙ දාන්නං හොඩේ. වැරදි තියනව නං සමා වෙන්නල. පින්තූර කෑලි ටිකක් දාල ඇති බලලම යන්න. මූණු වහල තියෙන්නෙ අපිව ඇනොනිමස්ව තියා ගන්න.
 |
| සම්බෝලෙ |
 |
| ගැරිල්ල....හාල්ද මංද |
 |
| ගැට ගැට...... |
 |
| තාරකගෙ ගැට |
 |
කසුන් අයියගෙ ඉවිල්ල
|