RSS

කූඩාරමේ රැයක් 3෴෴ ආතල් ඩබල් වීම෴

Udenma fun 2



               හුඟ කාලෙකින්  මේ පැත්තෙ එන්නත් බැරි උනා. කලින් මම නැවැත්තුවෙ කූඩාරමේ රැයක් 2 පෝස්ට් 1 අපි සෙට් උන හැටිනෙ. බලපු නැති අය ඒක බලල එන්න හොඩේ.  


                                             අද එතැන් සිට..........................


                           ඔය අනුමත වෙලා පළපුරුද්ද තියන අය දන්නව ඇතිනෙ බීමෙ ආදිනව. බොනකොට ෆන් උනාට පස්සෙ ශීර්ෂ බ්‍රමණං වෙනකොට කස්ටිය නටන පිස්සු ගැන ඉතින් කියන්න ඕන නෑනෙ. අපේ ගැන්සියෙ උන්ටත් උනේ ඔය සන්තෑසියමයි. ඒකෙන් හොදම 1 තමා මම කියන්න යන්නෙ. ඔය උඩම ලින්ක් 1ක් තියෙන්නෙ UDENMA FUN කියල. ඒක ෆොඩ්ඩක් අහල බලන්න. පොඩ්ඩක් අජුවයි. ගනන් ගන්න එපා. කොල්ලොනෙ. තව එකක් මේකෙ කිසිම ආගම් අපහාසයක් නෑ. අනේ වැරදියට හිතන්න එපා. 


                          මම කළින් කිවුවනෙ මමයි තව එකෙකුයි ලෙමන් බෝතලේ ඉවර කලා කියල. ඒ වෙලාවෙ අපි හැමෝම හාවො කරල සුදුව  තනියම ලෙමන් එකේ බාගයක් විතර ගහල. මෙන්න සාක්ෂි.




                                                        මේ ලෙමන් එක අතේ තියන් ඉන්න බුවා ජීවිතං බීපු එකෙක් නෙමේ.. මූ හා හා පුරා කියල බීම ආරම්භ කරල තියෙන්නෙ ලෙමන් එකකින්. කාල වරෙන්කො.  බීපු උන් වැටිච්ච වැටිච්ච තැන් වළ නිදා ගද්දි අපිට කබරයෙක් බඩගාන නොයිස් 1ක් ඇහුන.
   
      "උ....උ..  ඈක්..උ....ඈක්...."


      " සුදුවො.......*කුව නේද? ... ඇයි *කෝ කූඩාරම ඇතුලෙ දැම්මෙ."


                                                   තාරකය අහනකොටයි අපිටත් සීං එක මීටර් උනේ. මූ කූඩාරම ඇතුලෙ හෙන කබරයෙක් දාල. වෙරි හිදෙනව. දැක්කම.  මොනා කරන්නද  සෙට් එකම එකතු වෙලා මුගෙ වෙරි බස්සන්න ෆුල් ට්‍රයි 1 දුන්න. අපි එකෙක්වත් හොද සිහියෙන් නොහිටිය හින්ද අපි කරන්නෙ මොකද්ද කියල අපිවත් දන්නෙ නෑ. කූඩාරම ඇතුලෙ තිබිල මට හම්බුනා එකෙක්ගෙ යට කලිසමක්, සිංහලෙන්ම කියනවනං ජොකෙක්. අරගෙන ගිහින් දුන්න කසුනට. මේ නසරාණිය ගත්ත ගමන් ජොකා ඇතිල්ලුව අරූගෙ මූනෙ. ආසයි නේ. ඔය විදිහට කරන්න පුලුවන් හැම දේම කරල අරූගෙ වෙරි හින්දුව. ඊට පස්සෙ උන කතාවක් තමා අර වොයිස් රෙකෝඩ් 1 තියෙන්නෙ.  බලන්නකො හොදද කියල. 


අපේ ඇදුම්ද මන්ද

මතට තිත

කූඩාරම ඇතුලෙ


මේ පිට

පූජාවට කලින්



කට්ටිමහන පල්ලිය


ඔන්න ඔහොමලු උනේ.. බලල කමෙන්ට් 1ක් දාලම යන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කූඩාරමේ රැයක්: අනුමත් වීම

                                                              බ්ලොග් අවකාසෙ මං ආස කරන බ්ලොග් දෙකකින්ම මගෙ කූඩාරමේ රැයක් 1 පෝස්ට් එකට කමෙන්ටු පළ කරල තිබ්බ. මට හලී තංතෝශයි. සන්තෝශයි. නිපුණි අක්ක කිවුවනෙ මගෙ බ්ලොගියෙ අකුරු පොඩී කියල ඕන් ලොකුවටම දානව. අනිත් අයත් වැරදි පෙන්නන්නල. දණ ගාද්දි ඇවිදින්නට මට අත් දුන්න කියල මට පස්සෙ කාලෙකදි බලන්න. එතකං මේ කඩේ තියෙයිද දන්නෙ නෑ. මොක උනත් ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලියෙ නටාලා.




                                            හරි මෙන්න අපේ කට්ටිමහන කෑම්පින් එකේ හොට්ම සීං කෝං 1. දෙතුන් පොළකින් ඉදගත්තනං.
                                            අපේ දාහකින් හොයා ගන්න බැරි හොද ළමයි ටික පල්ලිත් ගියා මම කලින් පෝස්ට් 1 කිවුවනෙ නොකියවපු අය අර උඩ තියන ලින්ක් කෑල්ලෙන් ගිහින් බලන්නල. අපි රෑ 8ට විතර කිට මරාගෙන පල්ලියට ගිහින් පූජාවට සහභාගී උනා. සහභාගී උනාට මොකද මුන්ගෙ ඇස් යන්නෙම ස්ත්‍රී පරාණ පැත්තටමයි. මලා ඉතින් ඕවට නෑනෙ. මං පාඩුවෙ පූජාවට මගෙ දෙසවන් නවාගෙන හිටිය.හුටා මම මුන් සෙට් එක එක්ක පල්ලි ආවට මොකද අපේ පැත්තෙ බුවාස්ල දැක්කොත් මං සුන්. මොකද උන් මාව දන්නෙ අම්මගෙ සූටි පැටිය කියල. දන්න කොස්පට්ට ගැට ඔක්කොම ගහල උන්ගෙන් බේරිලා අපේ සෙට් 1ත් අරං පූජාවෙන් පස්සෙ කූඩාරමට පසුබැස්ස.


               
''යකෝ එළ කෑලි ටිකක් බැහැල හිටිය බං.. ශික් නම්බර් ලියපු කොළ කෑලි ටිකක් තිබ්බෙ නෑනෙ''  අපේ නඩේ ගුරාගෙ ආදර්ශවත් වචන සෙට් 1 තමා ඒ.


''අම්මට සිරි වෙයි. උන්ට කොළ බෙදන්න ගිහින් කන්න උනොත්. දැක්කෙ නැද්ද යකෝ උන් ගාව හිටිය එකාව''   මංතුමා ඇහුවෙ බයකට නෙමේ ඕං.


''හරි හරි බං මොනා කරන්නත් කාල ඉමු.''


''ඔවු බං තව කීයක් දේවල් කරන්න තියනවද?''  සුදුව එදා දවසෙ අහපු මිහිරිම වචනෙ මතක් කලා.


''තව ටිකෙං අමතක වෙනව. ඔය එක එක *ඩු වලට වඩා ඒක සැපයි බං. දෙමු නැති වෙන්න''  තාරකය කිවුව.


                                        කිසිම ගෑණු පරාණයකගෙ දෑඟිලිවලට ලක් නොවිච්ච පිරිමි අත් වලින් ඉවිච්ච අපේ සම්බෝලෙ සහ මහා බත් හැළිය පිඟන් 6කට බෙදිල උණු උණුවෙ දුන් දාපු හැටි මට තාම මතක් වෙනව. සුපිරිම සම්බෝලයක්. ආයෙ එළම කිරි..කළින් පෝස්ට් 1 පොටෝ කෑලි ඇති. බලන්නල. කාල ඉවර වෙලා අපි කූඩාරම ඇතුලට පැක් උනා. 


''හුටා යකෝ මේක මාළු දැළක්නෙ.බලපංකො තියන හිල් කද. වැස්සොත් නං බඩු බනිස්''   දනා උගෙ මූසල කට අවදි කලා.


''වහින් නෑ බං. මේ කසුන් අයියෙ අපේ වැඩේට හොදම වෙලාව දැං නේද බං'' ලඟ නමා කිවුව කතාවට උගෙ කටට සත 5 සීනි බෝල රුපියලක දාන්න මට හිතුන. 




      ඔයාල හිතන්නෙ මොකක් කියලද..ඔව් යකෝ ඔව් ඒව තමා නැතුව නැතුව. ඔන්න ලිස්ට් 1 දානව. වැඩි දෙයක් නෑ. ප්‍රතිපාදන හම්බුනේ ටිකයිනෙ.


                    1... ලෙමන් ජින් 01 යි.


                    2... බියර් රු.100 ටින් 04යි.


                    3... ලීටර් 1.5 කෝක් 01යි.


                    4... 250g මුරුක්කු පැකට් 02යි.


                    5... ටිෆිටිෆ් පැකට් 06යි.


                     
                                  ඔන්න කස්ටිය පටං ගත්ත වැඩේ. ඔන්න පළවෙනි පාර නැමුව. චියර්ස්!!!


''***නො වීදුරු වද්දන්න එපා. එහා කූඩාරමේ උන්න ඇහුනොත් කස්ටියටම රෙදි ඇදං ගමට යන සුම්ම තමා''


              
               අපේ නඩේ ගුරාගෙ පළමු ජාතිය ඇමතීමෙන් කස්ටියම සැරෙන්ඩර් උනා. ඔන්න ආයෙත් නවනවා. මම ලෙමන් ගහපු පළවෙනි පාර. අම්මෝ සැර මතක් වෙද්දිත් බඩ පපුව දනව. සර්ජිකල් ස්ප්‍රීට් වගේ. අපේ උන් අනුමත වෙන අස්සෙ පොටෝ කෑලි ගත්ත. ගොඩක් ගන්න බෑනෙ. මුන් මගෙ  එකත් බිවුවොත්. මං පවුනෙ. 


''*කෝ සැන්ඩි ඉවර කරන්න එපා. ලෙමන් අමුවට ගහන්න බෑ.''


              ලොක්කට හොදනං මට මොටෝ කියල හිතපු සෙකන්ඩ් චීෆ් නඩේ ගුරාත් කළා පොඩි ජාතිය ඇමතීමක්.  අන්තිමට ඔක්කොම ඉවර උනත් ලෙමන් 1 ඉවර උනේ නෑ. අනිත් උන් එකා එකා හැලෙද්දි මංතුමයි, කසුන් අයියයි තනියම බැස්ස ගේමට. අපි දෙන්න නොදැවී දෙහි බෝතලේ ඉවරයක්ම කරල දැම්ම. කතාව දිග වැඩී වගේ. ඊට හපන් අත් දෙක රිදෙනව. තාම හුරු මදිනෙ. කතාවෙ අන්තිම කොටස වෙන දවසක දාන්නං..............




          පොටෝ කෑළි ටිකක් පහළ අමුණල ඇති බලලම යන්න..




ලයන් 1ක් සුරතේ හොවාගෙන

බඩජහරි කමට බෙහෙත් නැත.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

෴කූඩාරමේ රැයක්෴





                                                         බ්ලොග් 1ක් ලියන්න කියල කීපසැරයක්ම පටං ගත්තත් ගොඩාක් හේතු හින්ද නැවැත්තුව.....ආයෙත් හදා ගත්ත බ්ලොග් කෑල්ලක්.. ඇත්ත නමින් ලියද්දි ලියන්න බැරි දේවල් මේ විදිහට ලියන්න ලේසී.ගෙදරත් ශේප්.මාත් ශේප්. අහින්සක විදිහට දොදොල් කඩේ ඕපනින් 1 සෙලීබ්‍රේට් කොරන්න තනියම රෝස්පාං වාටියක් ඉඟුරු ටී 1ක පොඟවං කාල බැස්ස වැඩේට..වැරදි ඇතොත් සමා භාජනයක දමනු මැනවි..ආයුබෝං!!!!!!!!!

                                                             හා හා පුරා කියල කියන්න යන කතාවනං ඉතිං නරක ආදර්ශයක්..කමක් නෑනෙ..ඔය ෆොඩි අය මේව කරන්න එපා ඕං...මේ කිවුවට මාත් තව පොඩී...මායි මගෙ අති (ප)ජාත මිතුරු සෙට් 1 නට් වෙන්න ගහපු 1ක් තමා කියන්න යන්නෙ..

                                                              මේ සීං කෝං 1 උනේ ගිය අවුරුද්දෙ අගෝස්තු මාසෙ 28 වෙනිද..මෙච්චර මතක ගහගත්ත ෆොටෝ කෑලි වල දිනේ තිබ්බ හින්ද.මේක මං ආගමකට අපහාස කරනව නෙමේ..රෙදි උස්සං එන්නනං එපා මට කොටන්න.ඔයාල දන්නවත් ඇති නොදන්නවත් ඇතිඅගේස්තු මාසෙ කට්ටිමහන පල්ලියෙ මංගල්ලෙ දවස කියල නේද ..දන්නෙ නැත්තං මං කිවුවනෙ...ඔන්න අපේ සෙට් 1ට ඕන උනා කට්ටිමහන මංගල්ලෙට යන්න..මේක මේ උදේ ගියා හවස ආව වගේ නෙමේ..උදේ ගිහින් පහුවදා තමා එන්නෙ..සමහර අය සතියක් විතර කට්ටිමහන පල්ලිය ගාව කූඩාරම් අටෝගෙන ඉන්නව.අපිත් පොඩි ඇඩ්වෙන්චර් 1කට කියල සෙට් උනා ගමනට..කොල්ලො 6ක් මාවිල් ආරු සටනට යන දිගුදුර විහිදුම් බළකායෙ සෙට් 1ක් වගේ බෑක් පැක් එල්ලගෙන බැස්ස පාරට..කොහොමින් කොහොමින් හරි කෙල්ලන්ටත් විහිළු කර කර ගියා කියමුකො....හතර වටේ ඇවිදල කූඩාරම් ගහන්නත් තැනක් අල්ල ගත්ත..

"  *කල තියෙන්නෙ කෝ යකෝ ටෙන්ට් ගහන්න ලී කපන්න පිහි''  අපේ නඩේ ගුරා විදිහට හිටිය කසුන් අයිය ඇහුව...

'' අවුලක් නෑ බං කොහෙන් හරි ඉල්ල ගමු....තොපි එකෙක් වරෙන් මාත් එක්ක පිහියක් හොයන්න යන්න"
              
                                       ඒ අපේ ඇසින්ටන් නඩේ ගුරා තාරක අයිය.මුන් දෙන්න තමා අපේ සෙට් 1 ලොකුම උං.කොහොම හරි අපි සෑහෙන කස්ටක් කාල ගැහුව ටෙන්ට් 1.ටෙන්ට් 1ක් කිවුවට නිකං මොකද්ද වගේ බලන්න කැතේ බෑ.පොටෝ කෑලි පහළ තියනව.පස්සෙ බලන්න.

                                         සෑහෙන කට්ටක් කාල හවස 6 විතර වෙද්දි අපි අටෝ ගත්ත ප්‍රිස්මාකාර මෙවුව 1ක්. ආසාවෙ බෑ..අහල පහළ ඉන්න සමහර ඩයල් ඩයලියො නක්කලේට අපේ සුන්දර නිවස්නය දිහා බලනව කියල අපිට මීටර් උනා. කරන්න දෙයක් නෑ කෝපි බිවුවනං තටමපං කිවුව වගේ,*ක උල් කරං ආවනං ඕන දෙයක් ඉවසන්න එපැයි. 

"ලොක්ක මොනාද බං රෑට කන්න උයන්නෙ" කන්න බොන්න කිවුවොත් උඩින්ම එන අපේ සෙට් 1 ලඟ නමා කිවුව..මුට ලඟ නමා කියන්නෙ ඇයි කියල පස්සෙ කියන්නංකෝ.

"තෝ ඉතිං බලං ඉන්නෙ කන්නමනෙ. හිටු සම්බෝලයි බතුයි උයල දෙන්නං තොට. කට *ක වහං හිටු" කසුන් අයිය කිවුව..

"ඔවු බං නිශාන්ත මාමත් හැදුවයිං හැදුවෙ නෑ මූ වගේ එකෙක්" සුදුවත් කට ඇවිස්සුව.

"හරි හරි රණ්ඩු රෑට තියා ගනිල්ල. දැන් ගනිල්ල හාල් ටික ගරාගන්න. කසුන් අයියෙ සම්බෝලෙ ඔයා හදන්න. ඒ මලා වරෙන් අපි දෙන්න මේක ගරමු" තාරක අයිය මාවත් ඇදං බැස්ස වැඩේට.

"ගරයි ආච්චිට. කෝ හාල් ගරන්න භාජනයක්. තියෙන්නෙ මුට්ටියක් විතරනෙ.."  හාල් ගරන්න එකක් නෑ කියල මට මතක් උනා.

"අවුලක් නෑ වර යන්න අනිත් කූඩාරමට මොකක් හරි ඉල්ලං එමු" මූ මාවත් ඇදගෙන අසල්වැසියො බලන්න ගියා..
     
                                             හාල් ගරන්න විතරක් නෙමේ පස්සෙ අපිට හැම මඟුලටම උදවුවට හිටියෙ අසල්වැසි ටෙන්ට් වැසියො තමා..සෝයි අක්කල දෙන්නෙක් හිටිය හින්දද මන්ද අපේ උන් සම්බෝලෙට දාන්න දෙහි ගෙඩියෙ ඉදං බත් කූරු ගාන්න හැන්දයි, ගිනිපෙට්ටියයි අරකයි මේකයි කිය කිය ඒ පැත්තෙම රින්ගුවෙ. කොහොම හරි අපි උයා පිහාගෙන වහල තියල රෑ පූජාවට පල්ලියටත් ගියා. හොදම හරිය පස්සෙ දාන්නං හොඩේ. වැරදි තියනව නං සමා වෙන්නල. පින්තූර කෑලි ටිකක් දාල ඇති බලලම යන්න. මූණු වහල තියෙන්නෙ අපිව ඇනොනිමස්ව තියා ගන්න.



සම්බෝලෙ

ගැරිල්ල....හාල්ද මංද

ගැට ගැට......

තාරකගෙ ගැට

කසුන් අයියගෙ ඉවිල්ල





කූඩාරමේ රැයක් 2    දැම්මා බලන්න හොඩේ........

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS